Monday, June 27, 2016

මෝඩ සමනළයා ...






දැළේ පැටලිලා මකුළුවගෙ ගොදුර වෙන බව දැනගෙනත්
ඒකෙම පැටලිලා ඉන්න සමනළයෙක් දැක්කමයි මම

සෙල්ලමක් නෙවේයි සමනළයෝ ඕක ජීවිතයක්...
ඇයි බේරෙන්න උත්සහ කරන්නෙ නැත්තේ ???

කලිනුත් මම නිදහස් කරල යැව්වම ඇයි ආයෙම ඇවිත් සැරින් සැරේට පැටලෙන්නේ

තේරෙන්නෙ නැද්ද දුවන්නෙ මිරිඟුවක් පස්සේ කියලා..

ඇයි එපාර හැලහොල්මනක් නැතුව ඉන්නේ ?

"එයා ගාවට ගිහින් ගොදුරක් වෙලා මැරුණත් සැපයි.."  වගේ බොළඳ කතා නම් කියන්න එපා සමනළයෝ

හිතන්න
තේරුම් ගන්න
බොරුවක් ජීවිතේ කරගන්න එපා

මම ආයෙත් පැටළුන තැන් ලිහන්නම්
පියාඹලා ඈතටම යන්න
ආපස්සක් බලන්නවත් එපා...
සැහැල්ලුවෙන් ජීවිතේ ලස්සන විඳින්න...

නිදහස් කරල තප්පර ගානයි ගියේ.. ආයෙම පැටළුනාද මොඩයෝ
                                           ? ? ?


6 comments:

Unknown said...

gud message....

Unknown said...

Wooow

Unknown said...

Wooow

Nishadi said...

Thnx Ravi :)

Nishadi said...

Thnx sudarsha malli :)

Unknown said...

මූදු රළ වෙරලෙන් ඈත දියඹට කොතෙකුත් ඇදී ගියද
යළි වෙරල සිපගන්නට පැමිණෙන්නේ කිම‚
එකී සුදු මුදු රළ පෙළම රුදු ගල්වැටියේ හැපී විසිරී විහිදී යන බව
දැනතත් නැවත නැවතත් පැමිණෙන්නේ කිම‚
එකී වේදනාකාරී දසුන් මනරම් යැයි කියා ෆොටෝ ගන්නවුන් නොවෙමුද අප‚
ජීවිතය…
සමනළයාද හුදු අරමුණක් නොදන්නා නිනව්වක් ඔස්සේ
පියාසර කිරීමට වෙර දරන තවත් එක් පළගැටියෙකි…

Post a Comment

Template by:

Free Blog Templates