ප්‍රථම වරට මෙවන් අත්දැකීමකට මුහුණ දීමට සිදුවූයේ මාස 3 ක training එකකට සහභාගී වීමට සිදුවූ බැවිනි. එම මාස තුනෙන් සති 3ක කාලයක් වැලිසර නතර වීමට සිදුවූ මට, අහම්බෙන් මෙන් තැපැල් ආච්චිගේ බෝඩිම ගැන අසන්නට ලැබුණි.මමත් මගේ යෙහෙලියන් දෙදෙනෙකුත් මෙම ස්ථානයේ නතර වීමට තීරනය කළේ එය ඉඩ හසර ඇති ආරක්ෂාකාරි නිවසක් වූ බැවිනි. මෙම අරුම පුදුම නිවහනේ හිමිකාරිය අප කතා නායිකාව වන තැපල් ආච්චිය.වයස අවුරුදු 70ක් පමණ වන ඇය තරබාරු මිටි කාන්තාවක් වූවාය. උදේ හවා බුදුන් වඳිනා ඇය ඉතාමත් ආගමික කාන්තාවක් ලෙස අපි දැක්කෙමු.
පළමු දින සිනා මුසු මුහුණින් පිළිගත් ඇය, අපට නතර වීමට නියමිත කාමර පෙන්වූවාය.
මගේ යෙහෙළියන් දෙදෙනාට වෙනත් කාමරයක් ලැබුන අතර, මට ලැබුනේ ආගන්තුක මුහුණු දෙකක් සමඟ වෙනත් කාමරයකි.එතැන් පටන් අපි මුල් දින කීපය රිසිසේ ගත කළෙමු. රාත්‍රියට එකට කා බී එක්ව චිත්රපටයක් නැරඹීමට අපි පුරුදු වී සිටියෙමු.
එම සති අන්තයේ මගේ යෙහෙළියන් දෙදෙනා ඔවුන්ගේ නිවස් වලට ගිය
අතර මම තනිව සිටියෙමි.එක් වරම ආච්චි මට කත කළාය.
"නිශාදි................."
"ඇයි ආච්චී..............?"
"ඔයාලා රැට laptop එක දාගෙන චිත්‍රපටි බලනවද?
..."
මට එක්වරම මගේ කාමරයේ සිටි එක් අයෙක් කී දෙයක් සිහියට නැගුණි.
"ආච්චි ෆිල්ම් බලන්න දෙන්නෙ නෑ.මම බලන්නෙත් පොතක් දිග
ඇරගෙන.ඇහුවම පාඩම් කරනව කියනවා..."
එබැවින් මම ආච්චිට " නෑ අච්චි..
" යයි පිළිතුරු දුනෙමි.
"එහෙනම් අර රෑ වෙනක්න් laptop දාගෙන මොකද කරන්නේ .....
? "
"අනේ ආච්චිට මොකද...අපි සල්ලි දීලනෙ ඉන්නේ.." යයි කියන්නට
සිතුනත් ඒ සිතුවිල්ල ගිළගනිමින් අලි පචයක් දිග හැරියෙමි.
"අපිට notes දෙන්නේ නෑ ආච්චි...PDF දෙනව කියවන්න..
"
"ආ එහෙනම් කමක් න...නැත්නම් light බිල unit 60 පැන්නම ගාන
වැඩියිනේ.."යි පැවසූ ඇය පැය භාගයක පමණ දෙශනයක් light බිල
ගැන පැවසීය... එම දීර්ඝ දේශනය අතරතුරදී මගෙ කටට නොයෙකුත්
දෑ පැමිණියද මම කටවහගෙන සිටියෙමි.
ඒ පළමු සිදුවීමයි.
........................
දෙවනුව අපි තිදෙනා බෝඩිමට පැමිණ නාන කාමරයට යෑමට සූදානම්
වූ විට ආච්චි අළුත් කතාවකට මුල පිරුවාය.
"ඔයාලා බාත් රූම් එකෙන් රෙදි සොදන්න එපා...එළියෙන් සෝදන්න.."
අපිට තරු විසි වුණි.
"ඇතුළේ රෙදි සේදුවාම සබන් වලට මම ලිස්සලා වැටෙන්න යනවා....
"
අපි කිසිත් නොපවසා එළියට ගියෙමි...
ආච්චිගෙ අණට අපි කීකරු වනවාදැයි යන්න පිරික්සීමට මෙන් ආච්චි
පුටුවකට බරවී බලා සිටියාය.
මගේ යෙහෙළියන් දෙදෙනාට පසු මම නාන කාමරයට යන විටම...
"නිශාදි...... සෙරෙප්පු දාගෙන බාත් රූම් එකට යන්න එපා...."
ආච්චිගෙ කෑගසිල්ලට මම ගල් ගැසුනෙමි..
"සෙරෙප්පු වල වතුර නිසා ගේ තෙමෙනවා..අනිත් එක වැලි
ගේ හැමතැනම..
"
සෙරෙප්පු දෙක ගැලවූ මම නාන කාමරයට රිංගුවෙමි..
.....................
අප තිදෙනාගෙන් ආච්චිට වැඩිපුරම මතක සිටින්නේ එක් අයෙකුගේ
නමක් පමණි.ඇය පාරමී ය. මගෙ නම හා අනෙත් යෙහෙළිය තමාෂිගෙ
නම ආච්චිට සැමවිටම අමතක වේ.
පසු දිනෙක අපි තිදෙනා රාත්‍රි ආහාර සූදානම් කරන විට මදක්
ප්රමාද විය.එ වන විට ආච්චි කා බී හමාරය.ඉන්පසු ආච්චි
මුළුතැන් ගෙය අස් පස් කර සින්ක් එක සෝදා එය රෙදි කඩකින්
පිසදමා තිබුණි.අපි මුළුතැන් ගෙයට යන විටම ආච්චිගේ නව
අණ අපට ලැබුනි.
"දැන් සින්ක් එක පාවිච්චි කරන්න එපා..හෝදනවනම්
එළියෙන් හොදගන්න..."
මූණට මූණ බලාගත් අපි ආච්චිට රවා එළියට ගියෙමු.
පසු දින මට එක් වරම ඇහැරුනේ ආච්චිගේ කෑගැසිල්ලටය.
"පාරමී....................."
"කෝ මේ සීනි බෝතලේ හැන්ද........????"
"සීනි බෝතලේ හැන්ද නෑ.....
"
මගෙ නිදිමත ආගිය තැනක් නැති විය. ඇස් දෙක නතර වූයේ මේසය
මත ඇති කෝප්පය තුළ ඇති හැන්ද ළඟිනි.
"හපොයි......."
"ආච්චිගේ සීනි බෝතලේ හැන්ද...මළ කෙළියයි...
"
හැන්ද මගේ ළඟය. පාරමී බැනුම් අසයි.
.........................
ආච්චි බුදුන් වඳින ආකාරයට සිතෙන්නේ සියලු කෙළෙස්
යටපත් කර රහත් වන්නට ඔන්න මෙන්න ලෙසිනි.
නමුත් ඇතැම් සිදුවීම් හමුවේ ඇයගෙ සීලය හොර
සීලයක් යයි ද සිතේ.
ආච්චි කොස්ස කෙලින් කර නොතබයි. මම වරක් මේ ගැන
ඇගෙන් විමසුවෙමි.
"ආච්චි ඇයි මේ කොස්ස බිම දාල තියෙන්නේ...??
"
"ආ...කොස්ස කෙළින් තිබුනම කොහු ටික නැවිල
වැඩි කාලයක්
පාවිච්චි කරන්න බෑනේ...
තවද ඇය රෙදි සේදූ සබන් වතුරෙන් මල් පැළ පෝෂනය කරයි.
"ආච්චි , මල් ගස් මැරෙයි සබන් වතුරට.."
"පිස්සුද දරුවෝ...මම කොයි කාලෙ ඉඳන්ද සබන් වතුර දාන්නේ..
එහෙනම් මේ ගස් මැරෙන්න එපායැ.."
ආච්චිට කිව්වට වඩා හොඳයි කට බිම අතුල්ලගත්තා නම් යයි මට සිතුනි.
මෙවැනි සිදුවීම් ගණනාවක් සති 3ක කාලය ඇතුලත සිදුවිය.ආච්චි විටෙක
මළ ඇණයක් වුවද, තවත් විටෙක ආච්චි කේන්ති ගැන්වීම තුළින් අපි
විශාල සතුටක් ලැබුවෙමු. මගේ මුල්ම ගෙදරින් දුර බෝඩින් අත්දැකීම
මෙවන් එකක් වීම පිළිබදව සතුටු වනවාද නතිනම් දුක් වනවාද යන්න
තවමත් මට නොවැටහේ...