Monday, June 27, 2016

මෝඩ සමනළයා ...






දැළේ පැටලිලා මකුළුවගෙ ගොදුර වෙන බව දැනගෙනත්
ඒකෙම පැටලිලා ඉන්න සමනළයෙක් දැක්කමයි මම

සෙල්ලමක් නෙවේයි සමනළයෝ ඕක ජීවිතයක්...
ඇයි බේරෙන්න උත්සහ කරන්නෙ නැත්තේ ???

කලිනුත් මම නිදහස් කරල යැව්වම ඇයි ආයෙම ඇවිත් සැරින් සැරේට පැටලෙන්නේ

තේරෙන්නෙ නැද්ද දුවන්නෙ මිරිඟුවක් පස්සේ කියලා..

ඇයි එපාර හැලහොල්මනක් නැතුව ඉන්නේ ?

"එයා ගාවට ගිහින් ගොදුරක් වෙලා මැරුණත් සැපයි.."  වගේ බොළඳ කතා නම් කියන්න එපා සමනළයෝ

හිතන්න
තේරුම් ගන්න
බොරුවක් ජීවිතේ කරගන්න එපා

මම ආයෙත් පැටළුන තැන් ලිහන්නම්
පියාඹලා ඈතටම යන්න
ආපස්සක් බලන්නවත් එපා...
සැහැල්ලුවෙන් ජීවිතේ ලස්සන විඳින්න...

නිදහස් කරල තප්පර ගානයි ගියේ.. ආයෙම පැටළුනාද මොඩයෝ
                                           ? ? ?


Sunday, June 12, 2016

කරුම උරුමය ....




මට අවසි දේ මට නොවැටහෙන
කඳුල රිසි සේ නෙත පුරොලන
මිරිඟුවක් පසු පස හඹායන
පව්කාරියකි ලොවින් කොන් කළ



වරදකරුවෙකි සියල්ලන් හට
හිතට රිදුමන් දායද කළ
පසුතැවෙමි පෙම් කරපු  වරදට
උරුම තනිකම වැටහෙන්නෙ මට...



මගේ හිතනේ....



ආයෙත් සෙල්ලම් කරනවද
කොච්චර සෙල්ලම් කරත් එපා වෙන්නෙම නෑ නේද..
ඕක තියෙන්නෙ සෙල්ලම් කරන්න නෙවේ පිස්සො
එනවා.. සෙල්ලම් කරනවා.. අයෙ යනවා...

ඒක නෙවේ....

ම්ම්ම්ම්ම්.... කො එපාර..??

එපා උනාම විසිකරල අයේම ගියාද මැට්ටො..?
අරහෙන් මෙහෙන් ඇදලා කුරුටු ගෑවම රිදෙනවනෙ...
ඒත් ඔයගෙ වරදක් නෑ ඉතින්..

මටනෙ කියන්න අමතක උනේ
සෙල්ලම් කරාට කමක් නෑ කඩන්න එපා,
මොකද ඔය සෙල්ලම් කරන්නෙ
 
මගෙ හිත  එක්ක කියලා...






Template by:

Free Blog Templates