Tuesday, July 4, 2017

නික්ම යාම ...



රඹුටන් ගහ යට හිස් බංකුව උඩ
වේළුණු රඹුටන් කොළ වැටිලා
රඹුටන් ගෙඩි වල සුවඳ මතක් වී
ඈත අතීතෙට හිත යනවා

 කෙල්ලන් රංචුව කැකිරි පලන හඬ
ඇහෙන්නෙ නෑ අද හරි පාලුයි
උන්ගෙ කතා සිහියට නැගෙනා විට
තාමත් මුවඟට සිනා නැගෙයි

පාඩම් මේසෙට චෙරි ගහ පෙනුනම
පාඩම් නෑ ගහ ලඟ නවතී
චෙරි ගහ පැත්තෙන් අඹරැල්ලා ගස
අත අරින්නෙ නෑ වතු පාලුයි

බෝඩිමෙ අයියට හැමෝම කැමතියි
කලුයි උසයි කොල්ලා පෙනුමයි
අයියා මතක් වී ගෙදර යන්නෙ නෑ
සති අන්තෙත් බෝඩිමේ තමයි

විභාගෙ ඉවරයි training set වෙයි
කට්ටිය සී සී කඩ විසිරෙයි
වසරක මතකය හිතේ පුරෝගෙන
අද අපි යනවා හිතට දුකයි ...



0 comments:

Post a Comment

Template by:

Free Blog Templates