Monday, March 9, 2015

සප්තකන්‍යා කඳු වැටිය..

සීත සුදු මීදුම
පටලා ආ අන්ධකාරය
මග පැහැරුවේ උන් හට
සිත් පිත් නැති තරුණ කඳු පෙළ

නෑසුනේද
උන්ගේ අඳෝනාව
මර බියෙන් දුන් ලතෝනිය
නැතිනම්
නෑසුනා සේ උන්නාද....

තනිවී තාමත්
සිතින් තැවෙනවාද
පොරවාගෙන සුදු මීදුම එලෙසටම
වයසට ගිය දුක් බර කඳු පෙළ ...





Template by:

Free Blog Templates