Thursday, September 11, 2014

මාපට ඇඟිල්ල...

"අයියෝ.... බලන්නකො ඔයගෙ දකුණු කකුලෙයි වම් කකුලෙයි මාපට අඟිලි දෙකේ වෙනස.හරියට නිකං මිනිස්සු දෙන්නෙකුගෙ කකුල් දෙකක් වගේ.."



මම කකුල් දෙක දිහා බැලුවෙමි. මගේ යෙහෙළිය කී දේ සත්යකි. වම් කකුලේ මාපට අඟිල්ලේ නියපොත්ත පිළිවෙලකට ලස්සනට තිබුණු අතර වම් කකුලේ එය ඊට හාත්පසින්ම වෙනස් විය. දකුණු කකුලේ නියපොත්ත සාමන් නියපොත්තේ උසෙන් හරි අර්ධයක් පමණ විය. ඉතිරි ප්රදේශයේ  නියපොත්තක් නොතිබුණු අතර එය දුටු විට මට මගේ ලොකු අම්මා කී දෙයක් සිහිවුණි.

" මාපට අඟිල්ල නිකං තට්ටයක් වගේ.." එය අසා සිටි අම්මා සහ අක්කාද සිනා වූ ආකරය මට මැවී පෙනුණි.

මීට මාස තුනකට පමණ පෙර දකුණු මාපට අඟිල්ලද නිසි ආකාරව තිබුණි. එක් දිනක් අවමංගල්යකට සහභාගි වී පැමිණෙන විට මාපට අඟිල්ලේ වෙනසක් දුටු බැවින් මම එය පිරික්සුවෙමි. එහිදී නියපොත්ත මැදින් පුපුරා තිබෙන ආකාරය හා එක් පැත්තකින් සියුම්ව ගැළවී තිබෙන ආකාරය දක්නට ලැබුණි. නමුත් තරම් දෙයක් කෙසේ වූවාදැයි  මට නොදැණුනි. එය පළමු සිදුවීමයි


ඊට සති කීපයකට පසු අපිට training viva තිබුණි. සඳහා සහභාගී වීමට අදාල ස්ථානයට ගොස් සිටියදී එක් වරම තවත් ළමයෙකුගෙ ඇඟේ  ගැටී මම වටෙන්නට ගියෙමි.
  
හැරුණු විටදී එක්වර
නොදැක හරියට පිටුපස
හැපුනි වේගෙට
පැත්තකට විසිවුනි මම

යමක් සිදුවූ බව
දැනුනි කකුලෙ අඟිල්ලට
තරු කැරකුනා හිස වට
හිස හැරවුණා කකුලට

දකුණු මාපටඟිල්ලේ
ලේ ගලයි නියපොත්තේ
මදක් ඉහලට වෙන්නේ
නියපොත්ත පිපිරී ඇත්තේ

සිතා බෙහෙතක් ගන්නට 
ගියා දොස්තර ගාවට
ඇඟිල්ල පිරික්සන්නට 
ඉස්සුවා නියපොත්ත උඩටම

අසීමිත වේදනාවෙන්
කඳුළු පැන්නා නෙතඟින්
නියපොත්ත වෙන්වුණි කකුලෙන්
බෝඩිමට ආවයි නොන්ඩි ගසමින්...




Saturday, August 16, 2014

දුහුවිලි සුවඳ...


දුහුවිලි සුළඟින් ඇගෙ වත දෝවනවා
අත පය දිගහැර කඳු මුදුනට යනවා
නාස් කුහර විදහා හුස්මක් ගන්නා
දුඟදක් නැත නිදහස් සුවඳයි දැනෙනා

කුණු කන්දක්ය එය ඔබ හට ගඳගසනා
ඇය හට කෑම කන්දකි කුසගිනි නිවනා
සිලි සිලි බෑගයක විසිකළ නෙත ගැටෙනා
හනිකට අවුස්සනේ බඩගිනි හින්දා

පෝර උරයක් රැගෙන කුණු ගොඩ පීරන්නේ
හසුවන ප්ලාස්ටික් බඩු එහි දාගන්නේ
විසිතුරු සෙල්ලම් බඩු සිත තුළ නළියන්නේ
අත පය කැඩුණු බෝනික්කෙකි හමුවන්නේ

කුණු කන්දෙන්ම ගත් ඉටි රෙද්දක් පිසදා
රාත්රිය ගෙවයි එහි මදුරුවන් කකා
අහසේ තරු බලබින් නෙත් පියන් වසා

හෙට හිරු පායන්නෙ මෙලෙසම නේද සිතා..






Tuesday, June 24, 2014

තනිකමේ අසිරිය


හුදෙකලා
 මඟ අතරම්ං වී
යනෙන මාවත සොයන මොහොතේ
මිනිස් පුළුටක් නොදුටුවෙමි මම
දෑස් යොමුවද පෙනෙන මානේ

තනිකමට මුසුවූ සිතේ දුක
හදට ඉදිකටු අනින යාමේ
කඳුලු වියැළුණු වේදනාවකි
අඳුරු මග මට ඉතුරු වූයේ

ජීවිතේ ආගිය ඇත්තවුන්
පියනැගූ සළකුණු මැකී ගොස්
හුන් තැනම නැවතී මදක් දැන්
තනිකමේ අසිරිය විඳිමි මං . . .




Saturday, March 29, 2014

School bus...


කළින් ලියපු බස් කතාවත් එක්කම පුංචි කාලේ බස් එකේදි වුණ දේකුත් මතක් උණාඒක සිද්ධ උණේ මම 10 වසරෙදි වගේ. කාලෙදි තමයි මම මුලින්ම බස් එකේ ගියේ. class  නැති දවස් වලට මම ගෙදර ගියෙ ඉස්කෝලෙ ගාවින් ගියපු ස්කූල් බස් එකේ


කාලෙ ඉදන්ම  මේ කොන්දස්තර මහත්වරුන්ට මාත් එක්ක මොකක්ම හරි අවුලක් තිබුණාඑදත් බස් එකේ කොන්දා කෑගහලා කෑගහලා මාව බස් එකේ මැදටම යැව්වා. බහින තැනට ළං වෙනකොට තමයි ඉතින් කොන්දට හොඳවයින් දෙකක් කියන්න හිතුනේ...



බහින තැනට කළින් හෝල්ට් එක එක වෙනකොට කට්ටිය තල්ලු කරගෙන කොහොම හරි දොර ගාවට එන්න මට පුළුවන් උණාඒත් දොර ගාවම වගෙ පිරිමි ළමයි 4 දෙනෙක් හිටපු නිසා එතනින් එහාට මට යන්න බෑ. නිසා මම හෙමීට..

"  excuse me.... " කිව්වා..


කොහෙද.. මම කියපු එක කාටවත් අහුනෙ නෑ...බහින්නත් ඕන නිසා.. කරන්න දේකුත් නැති නිසා මම ළඟම හිටපු කෙන්නගෙ උරහිසට තට්ටුවක් දාල මට යන්න ඕන බව ඇඟෙව්වා.

මෙන්න බොලේ... මේ කොල්ල කෑගහලා කියපි..

" මචං... මෙන්න මෙයා මට ඇන්නා ..." කියල

මට කරගන්න දෙයක් නැති උනා...එතකොටම අනිත් එක්කෙනා කිව්වා..

"අනේ බන්..බොරු කියන්න එපා..එයා එහෙම අනින්නේ නෑ " කියල..

මාත් ඉතින් අහගෙන හිටියා..ඊට පස්සේ තුන් වෙනියා කිව්වා..



" එයා අනින්න ඇත්තේ එයාට බහින්න ඕන නිසා වෙන්න ඇති" කියලා..

අන්න ළමයට විතරයි මාව තේරුනේ ... හි හි හි හි....

 ඔක්කොම අහං ඉඳල අන්තිමට අර මුල්ම කොල්ලා කිවේ නැතෑ....

" මොකක් උණත් කමක් නෑ..යා මට ඇන්නනේ ... " කියලා...

හපොයි..මෙහෙමත් ගොං කොල්ලෙක් කියල මූණට කියන්න බැරි නිසා මම බිම බලාගෙන ඉක්මනට ඉක්මනට බස් එකෙන් බැහැලා ගෙදර ආවා...




මනමාළ කොලු කමට
හිත බැන්දෙ ඔබෙ රුවට
කිරිකෝඩු මගෙ පෙමට
මල් දමකි සුවඳ දෙන

සුදු ගවුමෙ සිරියාව
පිනි බිඳකි මගෙ හදට
කිතිකැවෙයි දුටු වනම
ගත දවයි ඔබෙ බැල්ම

හිරිමල් යෞවන වියේ
සමනළියක් හමුවූයේ
පාට පාටින් ගළපමින්
ඔබයි දිවි හැඩ කෙරුවේ

තාලයට පද වැල් බැඳී
කවියකි ඔබ සොඳුරු  වූ
හැරයන්නෙපා කිසිදා

ජීවිතය දුන් සුරතලී......

(මේ කවි ටික කොල්ලගෙ part එක.. එය කියපු නැති නිසා මම ම ලියා ගත්තා...)

Template by:

Free Blog Templates