Saturday, March 29, 2014

School bus...


කළින් ලියපු බස් කතාවත් එක්කම පුංචි කාලේ බස් එකේදි වුණ දේකුත් මතක් උණාඒක සිද්ධ උණේ මම 10 වසරෙදි වගේ. කාලෙදි තමයි මම මුලින්ම බස් එකේ ගියේ. class  නැති දවස් වලට මම ගෙදර ගියෙ ඉස්කෝලෙ ගාවින් ගියපු ස්කූල් බස් එකේ


කාලෙ ඉදන්ම  මේ කොන්දස්තර මහත්වරුන්ට මාත් එක්ක මොකක්ම හරි අවුලක් තිබුණාඑදත් බස් එකේ කොන්දා කෑගහලා කෑගහලා මාව බස් එකේ මැදටම යැව්වා. බහින තැනට ළං වෙනකොට තමයි ඉතින් කොන්දට හොඳවයින් දෙකක් කියන්න හිතුනේ...



බහින තැනට කළින් හෝල්ට් එක එක වෙනකොට කට්ටිය තල්ලු කරගෙන කොහොම හරි දොර ගාවට එන්න මට පුළුවන් උණාඒත් දොර ගාවම වගෙ පිරිමි ළමයි 4 දෙනෙක් හිටපු නිසා එතනින් එහාට මට යන්න බෑ. නිසා මම හෙමීට..

"  excuse me.... " කිව්වා..


කොහෙද.. මම කියපු එක කාටවත් අහුනෙ නෑ...බහින්නත් ඕන නිසා.. කරන්න දේකුත් නැති නිසා මම ළඟම හිටපු කෙන්නගෙ උරහිසට තට්ටුවක් දාල මට යන්න ඕන බව ඇඟෙව්වා.

මෙන්න බොලේ... මේ කොල්ල කෑගහලා කියපි..

" මචං... මෙන්න මෙයා මට ඇන්නා ..." කියල

මට කරගන්න දෙයක් නැති උනා...එතකොටම අනිත් එක්කෙනා කිව්වා..

"අනේ බන්..බොරු කියන්න එපා..එයා එහෙම අනින්නේ නෑ " කියල..

මාත් ඉතින් අහගෙන හිටියා..ඊට පස්සේ තුන් වෙනියා කිව්වා..



" එයා අනින්න ඇත්තේ එයාට බහින්න ඕන නිසා වෙන්න ඇති" කියලා..

අන්න ළමයට විතරයි මාව තේරුනේ ... හි හි හි හි....

 ඔක්කොම අහං ඉඳල අන්තිමට අර මුල්ම කොල්ලා කිවේ නැතෑ....

" මොකක් උණත් කමක් නෑ..යා මට ඇන්නනේ ... " කියලා...

හපොයි..මෙහෙමත් ගොං කොල්ලෙක් කියල මූණට කියන්න බැරි නිසා මම බිම බලාගෙන ඉක්මනට ඉක්මනට බස් එකෙන් බැහැලා ගෙදර ආවා...




මනමාළ කොලු කමට
හිත බැන්දෙ ඔබෙ රුවට
කිරිකෝඩු මගෙ පෙමට
මල් දමකි සුවඳ දෙන

සුදු ගවුමෙ සිරියාව
පිනි බිඳකි මගෙ හදට
කිතිකැවෙයි දුටු වනම
ගත දවයි ඔබෙ බැල්ම

හිරිමල් යෞවන වියේ
සමනළියක් හමුවූයේ
පාට පාටින් ගළපමින්
ඔබයි දිවි හැඩ කෙරුවේ

තාලයට පද වැල් බැඳී
කවියකි ඔබ සොඳුරු  වූ
හැරයන්නෙපා කිසිදා

ජීවිතය දුන් සුරතලී......

(මේ කවි ටික කොල්ලගෙ part එක.. එය කියපු නැති නිසා මම ම ලියා ගත්තා...)

Monday, March 24, 2014

රැඳෙන්නට අවසරයි ...


රළ පෙළ අතරේ සිත රඳවා
පෙන පිඬු විත් වෙරළට කැන්දා
ක්සිතිජ ඉමේ ඔබේ රුව ඇන්දා
සිතිවිලි දැහැනට ගොඩ වැදුනා...

සියොත් පියාපත් හදට තුරුළු කර
සැහැල්ලුවෙන් යයි සිත සක්මන් කර
නීල වළා මත අපේ සුසුම් වැද
ගගන ඉඟිමරයි රැය ගොළුවත රැක...

හැඟුමන් ගොන්නක දොඩමලු වී
මතකයන් දැලක මා පැටලී
හදවත ඔබ විමසන විටදී

ගිලිහුණි කඳුලක් නෙතු අගිනි....




Saturday, March 22, 2014

wedding cake...

"ඇවිද්ද පය දහස් වටී" යන්න අප අසා තිබුණද, අපගේ training අත්දැකීම් අනුව එහි වටිනා කම දෙදහස් දාහතකි. එයට හේතුව මගේ training සගයන් කීපදෙනෙකු, බස් බොහෝ සුලබ මාර්ගයක රුපියල් 17 දුරක් පයින් යාමයි. එක් පයකට රුපියල් දහස බැගින් දෙපා වලට දෙදහසක් හා බස් ගාස්තුව රුපියල් 17ක් එකතු වූ විට මුළු වටිනාකම දෙදහස් දාහතකි..

කෙසේ වෙතත් දෙපා වලට පසුව, දුප්පත් අපගේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය වනුයේ බස් ගමනයි. එදා මෙදා තුළ අප කිසිවෙකුටත් ආධුනික නොවන බස් රථය තුළදී අප ලැබූ අත්දැකීම් බොහෝ වෙයි. මීට දින කීපයකට පෙර ලැබූ අත්දැකීමක් මෙලෙස සනිටුහන් කිරීමටමට සිතුනි. මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව සළකන්න....




එදින අප දන්නා හඳුනන යුවලකගේ විවාහය යෙදී තිබුණි.  training  අතර තුරදී පිළිබඳව මමත් මගේ මිතුරියන් දෙපළත් කතා බහ කළෙමු



එදිනම හවස නිවසට පැමිණෙන්නට 175 බස් රථයට ගොඩවී සෙනඟ අතරින් අතුළට රිංගූ මට එවන් වූ දුක්කිත ඉරණමක් අත්වේ යයි කිසිම විටෙක නොසිතුනි.
පිටු පසින් පැමිණි කොන්දා ..
"රාජගිරියෙන් නැගපු අය ticket ගන්න..." යයි කෑගැසූ බැවින් මම එයට සැරසුනෙමි.

කොන්දා දෙසට හැරෙන විටම මා දුටුවේ, මගේ එහා පැත්තේ හිටගෙන සිටි පුද්ගලයා අත thank u card එකක් හා wedding cake කැබැල්ලක් තිබෙන ආකාරයයි..

එය මගේ විස්මයට හේතු වූයේ , එම thank u card එක පුරාවටම මා ඉහත සඳහන් කල යුවලගේ ඡායාරූප තිබීමයි. මට එක් වරම හරිම ජොලියක් දැනුණු අතර සිතින්... 

"..... මේ අසංක අයියනේ ..." යයි සිතිනි...

එවිටම කොන්දා යළිත් කෑගැසූ බැවින් මම ticket ගන්නට " IDH  හන්දිය එකයි.." යයි කියන්නට සැරසුනද  එක්වරම මගේ මුවින් පිටවූයේ   "අසංක එකයි.." යනුවෙනි..

මෙය කොන්දාට නොඇසුනද කාඩ් එක අතැති පුද්ගලයාට එය ඇසුණි. ඔහු මා දෙස බලා සිනා සෙනු මම දුටුවෙමි. මට කන් දෙකෙන් දුම් පිටවෙනු දැනුණි. කලබලයට පත් වූ මම නවත ticket  ගැනීමට කට ඇරියෙමි...එවර මට කියවුනේ ..

 "රාජගිරිය එකයි.." යන්වෙනි...

"දෙයියනේ මා මේ පවසන්නේ මොනවාද...???.... රාජගිරිය යනු මම බස් රථයට ගොඩවූ ස්ථානයයි."




මෙවර කොන්දා මා දෙස එක එල්ලේ බැලූ අතර මගේ දෙපා ප්‍රණවත් වනු මට දැනුණි. වහාම ක්‍රියාත්මක වූ මම " IDH එකයි යනුවෙන් බහින ස්ථානය නිවැරදි කළෙමි.


එවර කොන්දා සිනසී ...  "රාජගිරිය නම් මම මෙතනින් බහින්න කියන්න හැදුවෙ.." යයි පැවසුවේය.


ඉන්පසු මට සිතුනේ, බහින ස්ථානය වෙනුවටඅසංක එකයි” යයි පැවසීමෙන් තැන්ක් යූ කාඩ් එක අතැති පුද්ගලයා මා ගැන කුමක් සිතුවේද යන්නයි...ඔහු සිතින් උඩ පැන පැන සිණා සෙනවා ඇති යයි සිතුනු විට, කන් පෙති වලින් රස්නයක් පිටවී..දෙ අත්ලට දාඩිය උනනු දැනුනි...

එක් වරම ඔහු..   " නංගි අසංකව දන්නවද? ? " යයි විමසුවේය..
මම හිස සළමින් "ඔව්" යයි පිළිතුරු දුනිමි.

" අයියත් faculty එකේද??? " මම ඇසුවෙමි..

"ඔව්..නංගිත් fac  එකේද?? මොන batch එකේද??......"

 "මම 13th එකේ... අය්ය අසංක අයියලගෙ batch එකේද  ??? "

"ඔව් නංගි...නංගි training ?? "

"ඔව් අයියෙ..."

මෙලෙස විතර කතාබහ අතරතුරදී...

"නංගිලට චතුරිකා කියල කෙනෙක් ඉගැන්නුවද?? "

"ඔව් අයියෙ..අපිට power module  එකක් ඉගැන්නුවා...එත් මැඩම් මැදදි ගියා... marry කරන්න කියල තමයි ආරංචි උණේ..."

" .... මැඩම් marry කරාද? "

"හරියටම දන්නෙ නෑ අයියෙ..."

"මම හිතන්නෙ නංගි මැඩම් marry කරේ නෑ... මැඩම් job  එකකට ගියේ..."

මම උඩ ගියෙමි...මද වෙලවකට පසු ඔහු නැවතත් කතාව ඇරඹුවේය...

"නෑ...චතුරිකා මගේ ලොකු අම්මගෙ දුව... මම මේ බැලුවේ අක්කා මටත් නොකියම බැන්ඳද කියල...."

මෙවර කන් දෙකෙන් පමණක් නොව මුලු සර්වාංගයෙන්ම ගිණි දැල් පිටවන්නා සේ දැනුනි....



"හයියෝ.................... මෙහෙමත් වස විළි ලජ්ජාවක්.....ඇයි දෙයියනේ මට කට වහගෙන ඉන්නම බැරි....."

 සවලක් තිබුනා නම් හාරගෙන හාරගෙන යන්නට වත් තිබුණි.



මින් පසුව කට පරිස්සම් කරගැනීමට මටම විධාන කරගත් මම ලැබුණු seat එකේ වාඩි වී, thank u card එක හා කේක් කෑල්ල ඉල්ලගතිමි.



සුපුරුදු  IDH  හන්දියේදි... " අයියෙ මම බහිනව .." යි පවසූ මම කාඩ් එක කේක් කෑල්ල ඔහුට දුන්නෙමි....කාඩ් එක පමණක් අතට ගත් ඔහු...

"නංගි කේක් එක තියගන්න..." යි පවසුවේය..


"නෑ නෑ අයියෙ...අයිය තියාගන්න... මට එපා.. " යයි පැවසුවද..ඔහු එය කිසිසේත්ම නොගත් බැවින් ඔහුට ස්තුති කර කේක් කෑල්ලත් රැගෙන බස් රථයෙන් බැස්සේ තනිවම සිනාසෙමිනි..

Template by:

Free Blog Templates