සයුරු රළ පෙණ පිඬු නගාගෙන
වෙරළ සුදු මුදු වැලි තලා මත
වැතිර ආදර කවට කම් කර
හාදු තවරත් සීරුවට හිඳ
මොහොතකින් ආපසු හැරෙන බව
දැන දැනත් තෙත් දෙතොල් සුව විඳ
වෙන්ව යන රළ දෙස බලාගෙන
වෙරළෙ වැලි දුක කිව්ව අහසට
රළ වෙරළ පෙම දෙස බලාගෙන
සිතින් පෙම් බැඳි නිල් අහස් කුස
ඉවසගන්නට බැරිම වූ තැන
ඉකිබින්දෙ දුක හදට සිරකර
ක්ෂිතිජ ඉම සිහිනෙත් මවාගෙන
අහස-වෙරළට ආදරේ කළ
සොවින් වැළපෙන වැලි කැටිති දැක
සින්න කෙරුවලු පෙම සයුරටම
කොපුල් රතු ගොම්මන් අහස යට
සුමුදු සියුමැලි වැල්ල මත හිඳ
කාට පෙම් කරම්දැයි පැනයක්
තිබුනලූ 'සෙල්ලක්කාර මුහුදට'.....