ලිවීම ආරම්භ කර දින කීපයක් ගත වුවද, බ්ලොග් එකක් කිරීමට තරම් ඉස්පාසුවක් මා හට නොතිබුණි. exam එක අතරතුර බ්ලොග් පිස්සුව ඔලුවට ගැහුවද, බ්ලොග් කෙරුවාව පස්සට දැමීමට තීරණය කළේ exam ඇණ ගැනීමට බැරි නිසාවෙන්මය.
exam දින කීපයේ, library එකෙ වැඩ කිරීමට පුරුදු වූ බැවින් නිවසට පැමිණෙන විට බොහෝ දිනයන්හි රෑ 7 කණිසමත් පසු වුණි. තාත්තා සමඟ මෝටර් සයිකලයේ පසුපස හිදගන්නා මා, නිවසට ළඟා වන තුරුම හිඳින්නේ මගේම ලොවක් තුළය..
විටෙක අහස දෙස ද, තවත් විටෙක පාර දෙපස ද බලමින් පමිණෙන මා හට, බ්ලොග් එකක් නොතිබුණත් එහි පළ කිරීමට සිතට ආ නානාප්‍රකාර සිතුවිලි දාමයෙහි කෙළවරක්, සීමාව අනන්තය දක්වා අනුකළනය කළද දක්නට නොලැබිණි.
එක් දිනක් අහස දෙස බලමින් පමිණෙන විට මුලු අහසටම එක් තරුවක් පමණක් එළිය දෙනු දැක පැරණි කියමනක් මා මතකයට නැගුනි.
" තනි තරුවක් දිහා බලන් wish එකක් කළාම එක ඉශ්ඨ වෙනවලු..."
දෙවතාවක් නොසිතූ මා, දෑස් පියාගෙන පැතුවේ අන් කවරක් වත් නොව.. නහය තෙක්ම එරී සිටින මේ exam එකට හොද ප්‍රතිඵලයක් ලබේවායි කියාය... ප්‍රතිඵලය කෙසේ වෙතත් එවිට ඔලුවට පැමිණි කවි පද වලට නිවසට පැමිණි පසුද තව පද ඇමිණුනේ නොදැනුවත්වම මෙනි.
“ අනේ මම පව්නේ...
සඳත් නැති සෙසු තරුත් නැති
ඝන අන්ධකාර අහසේ
තනිව බැබළෙන තරුවකට මම
මගේ දුක කිව්වේ
දරුව නුඹ කිම තැවෙන හේතුව
මට කියනු වැන්නේ
තරුව මා දෙස දිලිසි දිලිසී
බලාගෙන ඉදියේ
දුකක් නැත මට ප්‍රාර්ථනාවකි
කරන්නට ඇත්තේ
exam එක කල් යවනු මැන
එපා වී ඇත්තේ
ඇයි දරුවා ඔබ නැද්ද පොත පත
පාඩම් කරන්නේ
වැඩක් නොකළම කොහොමදෝ මම
pass කරවන්නේ
මගේ හද තුළ බුර බුරා නැගි
සෝක ගිණි දැල්ලේ
තරුවටත් බෑ පිහිට වන්නට
අනේ මම පව්නේ... “
එදා පටන් තවමත් , රෑ ට තනි තරුවක් අතිදැයි බලන මා මාගේ බ්ලොගයට
" කතා කරන තරු"
යයි නම් කරේ මාගේ අයියණ්ඩියගේද අදහස් විමසීමෙන් අනතුරුවය...