Thursday, September 11, 2014

මාපට ඇඟිල්ල...

"අයියෝ.... බලන්නකො ඔයගෙ දකුණු කකුලෙයි වම් කකුලෙයි මාපට අඟිලි දෙකේ වෙනස.හරියට නිකං මිනිස්සු දෙන්නෙකුගෙ කකුල් දෙකක් වගේ.."



මම කකුල් දෙක දිහා බැලුවෙමි. මගේ යෙහෙළිය කී දේ සත්යකි. වම් කකුලේ මාපට අඟිල්ලේ නියපොත්ත පිළිවෙලකට ලස්සනට තිබුණු අතර වම් කකුලේ එය ඊට හාත්පසින්ම වෙනස් විය. දකුණු කකුලේ නියපොත්ත සාමන් නියපොත්තේ උසෙන් හරි අර්ධයක් පමණ විය. ඉතිරි ප්රදේශයේ  නියපොත්තක් නොතිබුණු අතර එය දුටු විට මට මගේ ලොකු අම්මා කී දෙයක් සිහිවුණි.

" මාපට අඟිල්ල නිකං තට්ටයක් වගේ.." එය අසා සිටි අම්මා සහ අක්කාද සිනා වූ ආකරය මට මැවී පෙනුණි.

මීට මාස තුනකට පමණ පෙර දකුණු මාපට අඟිල්ලද නිසි ආකාරව තිබුණි. එක් දිනක් අවමංගල්යකට සහභාගි වී පැමිණෙන විට මාපට අඟිල්ලේ වෙනසක් දුටු බැවින් මම එය පිරික්සුවෙමි. එහිදී නියපොත්ත මැදින් පුපුරා තිබෙන ආකාරය හා එක් පැත්තකින් සියුම්ව ගැළවී තිබෙන ආකාරය දක්නට ලැබුණි. නමුත් තරම් දෙයක් කෙසේ වූවාදැයි  මට නොදැණුනි. එය පළමු සිදුවීමයි


ඊට සති කීපයකට පසු අපිට training viva තිබුණි. සඳහා සහභාගී වීමට අදාල ස්ථානයට ගොස් සිටියදී එක් වරම තවත් ළමයෙකුගෙ ඇඟේ  ගැටී මම වටෙන්නට ගියෙමි.
  
හැරුණු විටදී එක්වර
නොදැක හරියට පිටුපස
හැපුනි වේගෙට
පැත්තකට විසිවුනි මම

යමක් සිදුවූ බව
දැනුනි කකුලෙ අඟිල්ලට
තරු කැරකුනා හිස වට
හිස හැරවුණා කකුලට

දකුණු මාපටඟිල්ලේ
ලේ ගලයි නියපොත්තේ
මදක් ඉහලට වෙන්නේ
නියපොත්ත පිපිරී ඇත්තේ

සිතා බෙහෙතක් ගන්නට 
ගියා දොස්තර ගාවට
ඇඟිල්ල පිරික්සන්නට 
ඉස්සුවා නියපොත්ත උඩටම

අසීමිත වේදනාවෙන්
කඳුළු පැන්නා නෙතඟින්
නියපොත්ත වෙන්වුණි කකුලෙන්
බෝඩිමට ආවයි නොන්ඩි ගසමින්...




Template by:

Free Blog Templates