අවුරුදු කීපයකට
පෙර ලියන්නට ආරම්භ කළද එය මා අතින් ගිළිහී ගියේ ඉතාමත් මෝඩ ආකාරායකටය.නැවත වරක් ලිවීම
ආරම්භ කිරීමට කිසිදු අදහසක් නොතිබුන මා හට එබඳු අදහසක් යළි පහළ වූයේ " ඇය"
නිසාවෙනි. ඇය කාගේ කවුද, ජීවත් වන්නේ කොතනකද යන්න හෝ ඇය පිළිබඳව කිසිවක් නොදනිමි.
මා ඇයව දකින්නේ
අහම්ඹෙන් මෙනි. campus එකේ සිට නිවස දක්වා
ගන්නා බස් සංචාරයේ හසුවන මහමෝදර මුහුදු මං තීරුවේ පසෙක ඇති බංකුවක වාඩිවී මුහුද දෙස
බලා සිටිනා ඇය කියන්නට උත්සහ ගන්නේ කුමක්ද විනා ඇය කිසිවක් කියන්නට වෙර දරනවාද යන්නවත්
තෙරුම් ගැනීමට මට නොහැකි විය.
ඕනෑම සිද්ධියක මුල,
මැද හා අග සෙවීම මනුස්ස ස්වභාවයයි. නමුත් "ඇය" හා "ඇගේ සිද්ධිය"
යන දෙකෙහිම මුල, මැද, අග හෝ කිසිදු අර්ථයක් මට නොවැටහේ.
ඇය හා මා අතර කිසිදු
බඳීමක් නොතිබුනද, ඇය පිළිබඳ එක් වරම අමතක කිරීමට මට නොහැකි විය. බංකුවක වාඩිවී light කණුවකට පිටදීගෙන සිටි ඇය, කිසිදා නොලියන අදිටනින්
සිටි මගේ සිතට කවි සිතුවිලි ගෙන ආවේ බස් රථයෙන් බහින්නටත් පෙරය..නිවසට පැමිණි විගසම,
සිතට නැගි සිතිවිලි මෙට්ටය යට ඇති කවි පොතට එකතු කළේ යටි සිතින් ඇයට කෘතඃඥ වෙමිනි.
""
පහන් කණුව යට..
හඬන මුහුදට මුහුණ ලා
පාට පාට ගල් ඇතිරූ..
පටු පාර දෙපස ඇති
කොන්ක්රීට් ලෑල්ලට බරවී..
මුහුද දෙස බලා සිටිනා ඇය
ගොම්මන් අඳුර ගානක් නැතිවා සේ
නිසොල්මන්වම හිඳ.
හිස හැරවූයේ දකුණට විටින් විට...
සිහින් සිරුරකි
මිළාන වූ පෙනුමකි
එනමුත්
බලාපොරොත්තු දැල්වුණු දෑසකි...
දැල්වුනු පහන් කණුව යට
ඉරණමක් ලියවී ඇත
බොල් අහසට නොතේරෙනා
හිස් බවක් ඉතිරිව ඇත... ""
2 comments:
හ්ම්ම්ම්ම්ම්.. කවූරු වෙන්න ඇත්ද?
danne na... :)
Post a Comment